ප්‍රවීණ රංගන ශීල්පිනි අනෝජා වීරසිංහ මහත්මියගේ අදහසකට අනුව ඇයගේ දැඩි කැපවීම මත ජපානයේ නොමුරා මිචිකෝ කලාකාරිනිය ඇතුළු කලාකාමී කිහිපදෙනෙකුගේ සහය ඇතිව ඉදිකළ අභින නොමුරා මිචිකෝ එලිමහන් රංග පීඨය සුභ මොහතින් විවෘත කිරීම බෙල්ලන්විල රජ මහා විහාර පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් ඇතුළු මහා සංගරත්නයේ ආශීර්වාද අනුශාසනා මැද මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවයේ වැඩකටයුතු සිදු කෙරිණ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ පිරිනිවන් මංගල්‍ය කැන්ටාටාව ශ්‍රී ලංකා නාවික හමුදා තූර්යවාදන කණ්ඩායම විසින් මෙහිදී රංග පීඨය ආරම්භ කරමින් ඉදිරිපත් කළේය.
‘අභින නොමුරා මිචිකෝ’ එලිමහන් රංග පීඨය විවෘත කිරීම බලන්න අපු අයගේ හැඩ වැඩවලින් සහ එහි අවස්ථා වලින් අද අපේ Event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
I Pic by - Romesh Dhanushka Silva